

ගම්මන්පිලගේ විශ්වාසභංගයට රනිල් ගෙනා සංශෝධනය ගැන කථානායක කියූ දේ
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව, එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන එන ලද සංශෝධනය පිළිගත නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට දැනුම් දුන්නා.
අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව සිය නිවේදන යටතේ දැනුම් දීමක් කරමින් එම සංශෝධනය ස්ථාවර නියෝගවලට පටහැනි බව කථානායකවරයා දන්වා සිටියා
රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබුණේ සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සමස්ත ආණ්ඩුවටම එරෙහි විශ්වාසභංග යෝජනාවක් ලෙස සංශෝධනය කල යුතු බවටයි .