

ගිනිගන්නා ගොඩනැගිල්ලෙන් ‘දරුවා විසිකර’ දිවි රැකදුන් අම්මා (VIDEO)
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සුමා සිරගත කිරීමට විරෝධය පල කරමින් ජනයා පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගනිමින්, සාප්පු සංකීර්ණ කොල්ලකමින් සහ දේපල ගිනිබත් කරමින් ප්රචණ්ඩකාරිව හැසිරෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.
මෙම ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 70කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර විරෝධතාකරුවන් විසින් ඩර්බන් නුවර ගොඩනැගිල්ලක් ගිණිබත් කිරීම නිසා එහි ඉහළ මහලේ සිට මවක් විසින් කුඩා දරුවකු බේරා ගැනීම සඳහා පහළට විසිකරණ දර්ශනයක් අන්තර්ජාලයට එක්කර තිබුණා.
එම වීඩියෝව පහතින්.