

ගිනි ඇවිලීමෙන් මිය ගිය ‘ඉෂාලිනි’ ඉංග්‍රීසි දන්නේ නැතිලු
සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි නැමති තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්,තමන් දන්නා තරමින් ඇයට ඉංග්‍රිසි භාෂාව ලිවීමට හැකියාවක් නොමැති බවත් මිය ගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප්‍රසාද් පවසනවා.
තම නැගණිය සිටි කාමරයේ ඉංග්‍රිසි භාෂාවෙන් මරණයට හේතුව යනුවෙන් ලියා තිබිම සම්බන්ධව තමන් කිසිවක් නොදන්නා බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
තමන් දන්නා පරිදි යමක් බලාගෙන ලිවිමට හැකියාවක් නැගණියට තිබුණද ඉංග්‍රිසි අකුරු ගලපා යමක් ලිවීමට තම නැගණියට අධ්‍යාපන මට්ටමක් නොතිබුණු බවද තිරුප්‍රසාද් සඳහන් කර තිබෙනවා.