උද්ඝෝෂණ ගැන පොලිස්පතිට පැමිණිල්ලක්

උද්ඝෝෂණ ගැන පොලිස්පතිට පැමිණිල්ලක්

සෞඛ්‍ය නීති හා  මාර්ගෝපදේශයන් බිඳ දමමින් සිදු කරනු ලබන මහජන විරෝධතා හා උද්ඝෝෂණ නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව අද (02) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේදී සඳහන් කළා.

ගුරු වෘත්තිය සමිතිවලට පමණක් නොව ඕනෑම වෘත්තිය සමිතියකට තම ඉල්ලීම් දිනා ගැනීමට අයිතියක් ඇති නමුත් මේ කොවිඩ් වසංගතය ඇති වී තිබෙන අවස්ථාවක මෙවැනි උද්ඝෝෂණ විරෝධතා පැවැත්වීම අනුමත කළ නොහැකි බව එම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇතැයි වාර්තා වනවා.

මෙම උද්ඝෝෂණ හරහා මහජන අනාරක්ෂිත භාවය ඇතිවීම මෙන්ම සාමය කඩවීම් ද සිදුවිය හැකි බැවින් එම නීති විරෝධී ක්‍රියාකාරකම් නැවැත්වීමට වහාම පියවර ගන්නා  ලෙස ද ලේකම්වරයා ඉල්ලා තිබුණා.

Share This