

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ගැන පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමති කියූ දේ
සමස්ත රාජ්‍ය සේවය ගැන සිතා එළඹෙන අයවැයේ දී ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට සුදුසු පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
අද (03) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා
එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ගුරු විදුහල්පති වැටුප් ගැටළුව දිර්ඝකාලින ගැටළුවක් බවයි
මේ අවස්ථාවේ සමාන්තර සේවා ගැන සිතා කටයුතු කළ යුතු බවද පෙන්වා දුන් අමාත්‍යවරයා,සමස්ත රාජ්‍ය සේවය ගැනම සිතා එළඹෙන අයවැයේදී වැටුප් විෂමතා ඉවත් කිරීමට සුදුසු පියවර ගන්නා බවද පවසා සිටියා .
ගුරු විදුහල්පති ගැටළුව විසඳීම සම්බන්ධයෙන් අවංක වුවමනාවක් රජය සතු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා