

වැටුප මුල් කර ගනිමින් වාස් ඉවත් වුණු හැටි
බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා හෙට දිනයේදී යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් එම තනතුරින් ඉවත්වී තිබෙනවා.
අදාළ සංචාරය සඳහා නියමිත ගාස්තුව සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත ඔහු මෙසේ ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු මෙම ඉල්ලා අස්වීම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා රටින් පිටත්ව යාමට පැය කිහිපයකට පෙරයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දීර්ඝ කාලයක් වේග පන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කළ චමින්ද වාස් ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පත් කරන ලද්දේ, පසුගිය 19 වනදායි.
ඒ, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් සේකර්ගේ ඉල්ලා අස්වීමෙන් පසුවයි.
මේ අතර , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.