

චීනයේ කම්හලක නැවතත් විෂ රසායනික කාන්දුවක් – අවට ප්‍රදේශවාසීන් සිහිසුන්ව ඇද වැටෙයි – දැනට පුද්ගලයින් 8කට දිවි අහිමියි
නිරිතදිග චීන නගරයක් වන ගුයැන්ග් හි කම්හලක ඊයේ (12) දින විෂ රසායනික ද්‍රව්‍යය කාන්දු වීමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අනතුරින් තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
එමෙන්ම ගුයිෂෝ පළාතේ අගනුවර වන ගුයැන්ග් නගරයේ පොලීසිය පවසන්නේ මෙම රසායනික කම්හල අසළ ප්‍රදේශවාසීන් සිහිසුන්ව ඇද වැටී ඇති බවට වාර්තා ලැබුණු බව පවසනවා
චීන ආර්ථිකය රසායනික ද්‍රව්‍ය හා සබැඳි කර්මාන්ත කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන අතර මේ හේතුවෙන් නිරන්තරයෙන් මාරාන්තික අනතුරු සිදුවන බවයි එම මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.
මෙලෙස රසායනික ද්‍රව්‍ය සම්බන්ධව අනතුරුවලින් මෑත වසරවල දී චීනයේ සිය ගණනක් දෙනා මිය ගොස් ඇති අතර ඉකුත් 2019 දී නැගෙනහිර චීනයේ කම්හලක සිදුවූ විෂ රසායනික කාන්දුවක් හේතුවෙන් පුද්ගලයින් 78කට දිවි අහිමි වුණා.
එමෙන්ම 2015 දී සිදු වූ දරුණුතම අනතුරක් වූ වරාය නගරයක් වන ටියැංජින් හි රසායනික ගබඩාවක සිදු වූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයින් 173 දෙනෙකු මිය ගියා.