චීනය තවත් අභ්‍යාවකාශ මෙහෙයුමක් අරඹයි

චීනය තවත් අභ්‍යාවකාශ මෙහෙයුමක් අරඹයි

චීනය නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ අරමුණින් ගගනගාමීන් තිදෙනෙකු කක්ෂගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව නී හයිෂෙං, ලියු බෝමිං සහ ටැං හොංබෝ යන තිදෙනා පෘථිවියට කිලෝමීටර් 380 ක් (සැතපුම් 236) ක් පමණ දුරින් අභ්‍යවකාශය තුළ මාස තුනක් ගත කිරීමට නියමිතයි

එය මේ දක්වා චීනයේ දීර්ඝතම කාර්ය මණ්ඩල අභ්‍යවකාශ මෙහෙයුම වන අතර වසර පහකට ආසන්න කාලයක් තුළ සිදු කළ පළමු අවස්ථාව ද මෙය වනවා.

චීනය පසුගිය මාස හය තුළ සඳ මතුපිට පාෂාණ හා පාංශු සාම්පල පෘථිවියට ගෙන ආ ඒමට සමත් වුණා.

එමෙන්ම කොරෝනා වසංගතයෙන් පීඩා විඳි ඉකුත් මාස 6 තුළම රෝද හයක රෝබෝවක් අඟහරු මතට නිරුපද්‍රිතව ගොඩ බැස්ස වීමට චීනය සමත් වුණා.

Share This