චීනය සිය න්‍යෂ්ටික හැකියාවන් පුළුල් කිරීමක්  ගැන ඇමරිකාවෙන් අනාවරණයක්

චීනය සිය න්‍යෂ්ටික හැකියාවන් පුළුල් කිරීමක් ගැන ඇමරිකාවෙන් අනාවරණයක්

චීනය න්‍යෂ්ටික මිසයිල ගබඩා කිරීම හා දියත් කිරීමේ හැකියාව පුළුල් කරමින් සිටින බව ඇමරිකානු විද්‍යාඥයින් අනාවරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය දිනක පැවති ඇමරිකානු විද්‍යාඥයින්ගේ සම්මේලනයේ (FAS) දී මේ පිළිබඳව වාර්තාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ආරක්ෂක නිලධාරීන් චීනයේ න්‍යෂ්ටික ගොඩනැගීම පිළිබඳව තම කනස්සල්ල පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපදය සහ රුසියාව අවි පාලන සාකච්ඡා සඳහා සූදානම් වෙද්දී චීනය මෙලෙස හැසිරීම වඩාත් භයානක විය හැකි බවටයි අනතුරු අඟවා තිබෙන්නේ.

මුළු ලෝකයම මුහුණ පා සිටින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද චීනය මෙලෙස හැසිරීම දැඩි කණගාටු දායක තත්ත්වයක් බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Share This