

ජනපති විසින් අගමැති නෙරපූ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ?
ටියුනීසියානු ජනාධිපති කයිස් සයිඩ් විසින් ඔහුගේ බලතල යොදාගනිමින් එරට අග්‍රාමාත්‍යවරයා මෙන්ම, ආරක්ෂක අමාත්‍යවරයාද වන හිචෙම් මෙචිචි සිය ධූරයන්ගෙන් පලවා හැර තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අක්‍රීය වී ඇති අතර මේ වනවිට ටියුනීසියාව ප්‍රජාතන්ත්‍රවාදයේ විශාලතම අර්බුදයට මුහුණ දී තිබෙනවා.
මීට පෙර ටියුනීසියානු රජය කොරෝනා වසංගතය පාලනය කිරීමට නොහැකි වීම සහ ආර්ථික අර්බුදයන්ට විසඳුම් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් ජනතාව විසින් දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අග්‍රාමාත්‍යවරයා ව ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මීට පෙර ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ ළඟම හිතවතෙකු වූ සෞඛ්‍ය අමාත්‍යවරයාවද බලයෙන් පහ කරනු ලැබුවේ ජනතාවගේ විරෝධය හේතුවෙනුයි.