ජපානයේ ටෝකියෝ නුවරින් වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක්

ජපානයේ ටෝකියෝ නුවරින් වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක්

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වී දින කිහිපයකින් ජපානයේ ටෝකියෝ නුවරින් වාර්තාගත කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන තිබෙනවා.

ක්‍රීඩා උලෙල අතරතුර ජපානයේ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තියේ ඉහළ යෑමක් සිදුවිය හැකි බවට එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ අතර ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 41 ලක්‍ෂ 93,000 සීමාව ඉක්මවා වාර්තා වනවා.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා දත්ත මධ්‍යස්ථානයේ තොරතුරුවලට අනුව මේ වන විට රටවල් 220ක ව්‍යාප්ත වී ඇති කොවිඩ් 19 වෛරසය ආසාදිත වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 19 කෝටි 59 ලක්‍ෂ 91,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තියක් සමඟ මේ වන විට ඉන්දුනිසියාවේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට මුහුණදී සිටිනවා.

ගතවූ දිනයේදීත් ලොව රටකින් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව වාර්තා වුයේද ඉන්දුනිසියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 2069ක්.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය ආරම්භයෙන් පසු ජපානයේ ටෝකියෝ නුවරින් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වී තිබෙනවා.

ඒ ආසාදිතයින් 2848ක් ලෙසටයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර ටෝකියෝ නුවර ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

අමෙරිකාවේ එන්නත් මාත්‍රා 02 ම ලබාගත් පුද්ගලයින් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය නොවන බවට සඳහන් වූ ප්‍රකාශය වෙනස් කරමින් නැවතත් මුඛ ආවරණ පැලඳීමට එරට බලධාරීන් නිර්දේශ නිකුත් කර තිබෙනවා.

ඒ අමෙරිකාවේ ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින නිසයි.

කොරෝනා වෛරසය පැතිරීම සහ එහි නව ප්‍රභේදයන් මැඩලීම සඳහා සෞදි අරාබිය විසින් රතු ලැයිස්තුවට ඇතුළත් කළ රටවල සංචාරයේ යෙදෙන පුරවැසියන්ට වසර 03 ක සංචාරක තහනමක් පනවන බවට ප්‍රකාශ කර තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තියේ සීග්‍ර ඉහළ යෑම හේතුවෙන් ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නගරය වසා දැමීමේ තවත් සති 04 කින් දීර්ඝ කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා.

මේ අතර, එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස අවමව පවතිද්දී රටවල් විවෘත කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

Share This