ටාසන් චරිතයට පණ පෙවූ ජෝ ලාරා මියයයි

ටාසන් චරිතයට පණ පෙවූ ජෝ ලාරා මියයයි

ලෝක ප්‍රසිද්ධ ටාසන් චිත්‍රපටයේ ටාසන්ගේ චරිතයට පණ පෙවූ අමෙරිකාවේ ප්‍රවීණ නළුවෙකු වන ජෝ ලාරා ගුවන් අනතුරකින් මියගොස් තිබෙන බව වාර්තා වනවා.

අමෙරිකාවේ නැෂ්විල් නගරයට ආසන්න ප්‍රදේශයකට ජෝ ලාරා ඇතුළු පිරිසක් ගමන් ගත් ගුවන් යානය කඩා වැටී එම අනතුර සිදුව ඇති අතර ඉන් ලාරා ගේ බිරිඳද මියගොස් තිබෙනවා.

යානය කඩා වැටෙන අවස්ථාවේ එහි 07 දෙනෙකු ගමන් කරමින් සිට ඇති  අතර මෙම අනතුරින් සියලු දෙනාම මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු ලෙස සැලකෙන ලාරා 1989 වසරේ දි “ටාසන් ඉන් මෑන්හැටන්” චිත්‍රපටයේ පළමු වරට ටාසන්ගේ චරිතයට රංගනයෙන් දායක වී ඇති අතර පසුව 1996 වර්ෂයේ දී “ටාසන් ද එපික් ඇඩ්වෙන්චර්ස්” නම් කතා මාලාවට රංගනයෙන් දායක වී තිබෙනවා.

එමෙන්ම ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට ගණන 18ක් වනවා.

Share This