

ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයට
මාර්තු පළමුවනදා සිට වසර 03 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස ටොම් මූඩි පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.
එමෙන්ම මෙම තනතුර උපදේශාත්මක මට්ටමින් ක්‍රියාත්මක වන්නක් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.
අනාගත තරග සංචාර විශ්ලේෂණය , දේශීය තරග ව්‍යුහය සැකසීම, ක්‍රීඩක සුභසාධනය, අධ්‍යාපනික – කුසලතා සංවර්ධනය සහ ඉහළ කාර්ය සාධන අංශය වැඩි දියුණු කිරීම ටොම් මූඩි විසින් සිදුකල යුතු කාර්යයන් අතරට අයත්.
2005 වසරේ සිට 2007 වසර දක්වා ටොම් මූඩි ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා පිල 2007 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟයටද සුදුසුකම් ලැබුවේ ද ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදීයි.