

ඩෙංගු නැවතත් හිස ඔසවයි – දිස්ත්රික්ක 10ක් අවදානමේ
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවත් මේ වන විට දිවයින පුරා දිස්ත්රික්ක කිහිපයක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒ්කකය පවසනවා.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, මහනුවර, මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්රික්ක ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.
මෙම වසරේ අද (29) දිනය දක්වා ඩෙංගු රෝගීන් 16,497 ක් වාර්තා වූ අතර, ජූනි මාසයේ දී රෝගීන් 2,997 ක් ද, ජුලි මාසයේ මේ දක්වා රෝගීන් 3,029 ක් ද හඳුනා ගෙන ඇති බවයි එම ඒකකය වැඩිදුරටත් පවසන්නේ.
එමෙන්ම දිවයිනෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් අතරින් 70 % ක් පමණ බස්නාහිර පළාතින් වාර්තාවීම ද විශේෂත්වයක්.
දැනට දිවයින තුල ස්ථාපිත වී ඇති නිරිත දිග මෝසම් වැසි සහිත කාලගුණය නිසා ඉදිරියටත් මෙලෙස ඩෙංගු රෝගයේ වර්ධනයක් අපේක්ෂා කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒ්කකය පෙන්වා දෙනවා.