දරුණු ලැව් ගිනි නිවීමට සයිප්‍රසය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලයි

දරුණු ලැව් ගිනි නිවීමට සයිප්‍රසය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලයි

තම රටේ ඉතිහාසයේ දරුණුතම සිදුවීමක් ලෙස පෙන්වා දෙන දැවැන්ත ලැව් ගින්නක් මැඩපැවැත්වීම සඳහා සයිප්‍රසය ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලා තිබෙනවා.

තද සුළං හේතුවෙන් ගින්න දකුණු ලිමසෝල් දිස්ත්‍රික්කය පුරා පැතිරෙමින් පවතින අතර ගම් කිහිපයක් ඉවත් කිරීමට ද එරට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (04) දහවල් පමණ වන විට ලැව් ගිනි තත්ත්වය උත්සන්න වී ඇති අතර සයිප්‍රස් බලධාරීන් යුරෝපා සංගමයෙන් සහ ඊශ්‍රායලයෙන් සහාය ඉල්ලා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

සයිප්‍රසය සතියක් පුරා අධික උෂ්ණත්වය (40C)ක් වාර්තා කරන එබැවින් ලැව්ගිනි තත්ත්වය තවත් දරුණු විය හැකි බවයි බලධාරීන් අනතුරු අඟවා තිබෙන්නේ.

 

Share This