තලේබාන් ගැටුම්වලින් 35,000ක් පමණ අවතැන්

තලේබාන් ගැටුම්වලින් 35,000ක් පමණ අවතැන්

ඇෆ්ගනිස්ථානයේ දිග හැරෙමින් පවතින තත්ත්වය ‘මානුෂීය ව්‍යසනයක්’ බවත් එය ලෝකයේ දරුණුතම අර්බුදවලින් එකක් බවත් එක්සත් ජාතීන් බීබීසීයට පවසා තිබෙනවා .

රටේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි මිලියන 18 ක පමණ ජනතාවකට හදිසි ජීවිතාරක්ෂක ආධාර අවශ්‍ය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

විදේශීය හමුදා රටින් ඉවත් වීමෙන් පසුව තලේබාන් සහ ඇෆ්ගනිස්ථාන රජයේ හමුදා අතර රට පුරා ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ අළුතින් අවතැන්වූවන් 35,000 ක් මාසයක් වැනි කෙටි කාලයක් තුළ කුන්ඩුස් නගරයට ආරක්ෂාව සහ නවාතැන් සෙවීම සඳහා පැමිණ ඇති බවයි.

Share This