තවත් රටක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හිටුවයි

තවත් රටක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හිටුවයි

නෙදර්ලන්තය ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හිටුවා තිබෙනවා

සිදුවිය හැකි අතුරු ආබාධ පිළිබඳ සැලකිලිමත් වීම හේතුවෙන් සහ රුධිර කැටි ඇතිවිමේ හැකියාව පවතින බැවින් මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත නිසා රුධිර කැටි ඇතිවිය හැකි බවට හෙළිවී නැති බවයි

එම නිසා ඇස්ට්‍රාසෙනෙකා එන්නත තහනම් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව මිට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබුනා

නමුත් මේ වනවිට රටවල් කිහිපයක් මෙම එන්නත භාවිතය අත්හිටුවා තිබෙනවා.

සිදුවිය හැකි අතුරු ආබාධ පිළිබඳ සැලකිලිමත් වීම හේතුවෙන් ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස් එන්නත භාවිතය අත්හිට වූ නවතම රට බවට නෙදර්ලන්තය පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එරට රජය කියා තිබෙන්නේ අවම වශයෙන් මාර්තු 29 වන තෙක් පවතින මෙම පියවර පූර්වාරක්ෂාවක් ලෙස ගත් බවයි

ඩෙන්මාර්කය, නෝර්වේ, බල්ගේරියාව, අයිස්ලන්තය සහ තායිලන්තය දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය නවතා දමා තිබෙනවා

“අපට එන්නත පිළිබඳ කිසිදු සැකයකට ඉඩ දිය නොහැක” යැයි නෙදර්ලන්ත සෞඛ්‍ය අමාත්‍ය හියුගෝ ඩි ජොන්ග් පවසා තිබෙනවා

නිවේදනයක් නිකුත් කරමින් ඇස්ට්‍රාසෙනෙකා සමාගම කියා සිටින්නේ එන්නත හේතුවෙන් කැටි ගැසීමේ අවදානම වැඩි බවට සාක්ෂි නොමැති බවයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමග එක්ව සංවර්ධනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත යුරෝපීය සංගමයේ සහ බොහෝ රටවල භාවිත කිරීමට අවසරදී ඇති නමුත් තවමත් එක්සත් ජනපද නියාමකයන් විසින් ඊට අවසරය ලබා දී නොමැති බවද වාර්තා වනවා

Share This