තේ කොළ ගෙනගිය ලොරිය නැවතුණු තැන

තේ කොළ ගෙනගිය ලොරිය නැවතුණු තැන

නල්ලතන්නිය ප්‍රදේශයේ සිට තේ කොළ ප්‍රවාහනය කළ ලොරි රථයක් නෝටන්බ්‍රිජ් නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නෝටන්බ්‍රිජ් තේබර්ටන් 5 කණුව ප්‍රදේශයේදී, මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද(21) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් මිදී ලොරි රථය අ ප්‍රපාතයට පෙරලී ඇති බව අනාවරණ වී තිබෙනවා.

Share This