

දණ නමස්කාර කළ HQI ඉදිරියේ දණින් වැටුණු චීවරධාරියා (VIDEO)
පොලිසිය තුළ සුදු පිරුවටයක් සමග ආසනයක් පනවා මහා සඟරුවනට වැඳ නමස්කාර කළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක‍්ෂකවරයාට චීවරධාරියෙක් වැඳ නමස්කාර කළ සිදුවීමක් කුලියාපිටිය පොලිසියෙන් වාර්තා වෙනවා.
කොවිඩ් අවදානම සහිත පසුබිමක හිමිනමක් හා සහයට තරුණයින් දෙදෙනෙකු සම්මාදමේ යෙදෙමින් ගෙයින් ගෙට යාම සම්බන්ධයෙන් විරෝධය පෑ ගම්මුන් පිරිසක් ඔවුන් පොලිසිය වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.
පසුව සෙසු නිළධාරීන් ලවා සුදුසු ආසනයක් පනවා කුමක් අරඹයා එසේ සම්මාදම් කළාදැයි සැකයෙන් මුත් ගෞරවාන්විතව සිය ප්‍රශ්න කිරීම් ආරම්භ කිරීමත් සමගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීකෂක වරයාගේ අසුන ළඟට ගොස් අදාළ චීවරධාරියා හැඬූ කඳුලින් දණ නමස්කාර කර “අනේ මහත්තයෝ මට සමාවෙන්න මාව බේරගන්නයැයි” බැගෑපත්ව ඉල්ලා තිබෙනවා.
වහාම එම ස්ථානයෙන් නැගිට එසේ කිරීමෙන් තමා අපහසුතාවයට පත් නොකරන්නැයි කියමින් නැවත ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමත් සමග දුර බැහැර සිට ගම්මාන වෙත ගොස් මගදි මිළට ගත් සිවුරක් ඇඳගෙන එසේ සම්මාදමේ යෙදෙන බව පිළිගෙන තිබෙනවා.
එහිදී මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීකෂකවරයා වියත් ස්වාමීන්වහන්සේලා අමතා එහි තත්වය පිළිබඳව විමසමින් උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව අදාළ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් සැකකරු සරසවා යළි ප්‍රශ්න කිරීම් ආරම්භකර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීමට පෙර ගම්මුන් පිරිසක් විසින් අදාළ චීවරධාරියා ඇතුළු පිරිස ප්‍රශ්න කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.
එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි.