දරුණු ඩෙල්ටා වෛරසය ආසාදිතයින් 11ක්ම කොළඹින්

දරුණු ඩෙල්ටා වෛරසය ආසාදිතයින් 11ක්ම කොළඹින්

මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රබේදය ආසාදිතයින් අතරින් 11 දෙනෙකු කොළඹ නගර සීමාවේ පදිංචිකරුවන් බවට තහවුරු වී ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අද (19) පුවත්පත් අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව ඛෙත්තාරාම වැඩ බිමකින් , දෙමටගොඩ ප්‍රදේශයෙන් සහ උතුරු කොළඹින් මෙම ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

එක් රෝගියෙක් හමු වූ පසු ඒ ආශ්‍රිත තවත් රෝගීන් දස දෙනෙක් සිටිය හැකි බවත් වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Share This