දරුවන් 63 ක් මරුට – ඊශ්‍රායලය සහ පලස්තීන සටනේ ‘කුරිරු ප්‍රතිපල’ හෙළිවේ

දරුවන් 63 ක් මරුට – ඊශ්‍රායලය සහ පලස්තීන සටනේ ‘කුරිරු ප්‍රතිපල’ හෙළිවේ

ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කරුවන් අතර දැඩි ප්‍රචණ්ඩ ක්‍රියාවලට මැදිව සිටින සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව සලසන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඉල්ලා සිටින බව බීබීසී වෙබ් අඩවිය වාර්තා කරනවා.

ගාසා තීරයේ ගොඩනැගිලි සුන්බුන් අතරින් දරුවන් ඉවතට ගන්නා අයුරු සහ ඊශ්‍රායලයේ ජනයා ආරක්‍ෂිත ස්ථාන සොයා දිවයන අයුරු දැක්වෙන දර්ශන ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබෙන බවයි එහි සඳහන් වන්නේ.

දෙපාර්ශවය අතර ගැටුම් දෙවෙනි සතියටත් ඇවිල යද්දී සටන් විරාමයක් පිළිබඳ ඇත්තේ කුඩා බලාපොරොත්තුවකි.

ගාසා තීරයේ දරුවන් 61 ක් ඇතුළු 212 දෙනෙකු මරණයට පත්ව ඇති අතර ඊශ්‍රායලයේ දරුවන් 2 ක් ඇතුළුව දස දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

ගාසා හි මරා දැමුණු වැඩි දෙනෙකු අතර සිටින්නේ සටන්කරුවන් බව පවසන ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ගේ මරණ සිතා මතා සිදු නොකළ ඒවා බව කියා සිටිනවා.

 

Share This