දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරුමට යුද්ධ හමුදාපති එක්වෙයි

දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරුමට යුද්ධ හමුදාපති එක්වෙයි

දිවංගත ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ 29 වැනි ගුණානුස්මරණ උත්සවය ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් අරාලි තුඩුවේදී පැවැත්වුණා.

ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් අරාලි තුඩුවේ දී ඇටවූ අධිපීඩන බෝම්බයකට ගොදුරු වී 1992 අගෝස්තු 08 වැනිදා ජිවිතක්ෂයට පත් වුණා.

මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ, ලුතිනන් කර්නල් එච්ආර් ස්ටෙපන්, ලුතිනන් කර්නල් ජී.එච්. ආරියරත්න, ලුතිතතන් කර්නල් වයි.එන්. පලිපාන, කමාන්ඩර් අසංග ලංකාතිලක, ලුතිනන් කර්නල් නලීන් ද අල්විස්, ලුතිතන් කමාන්ඩර් සී.බී. විජේපුර, සාමාන්‍ය සෙබළ ඩබ්.ජේ. වික්‍රමසිංහ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සමඟ එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවී තිබෙනවා.

ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ අනෙකුරු විරුවන් අධිපපීඩන බෝම්බයට ගොදුරවන අවස්ථාවේ ඔවුන් ගමන්ගත් රඨයේ කොටස් තැන්පත් කර ඉදිකල කෞතුකාගාරය විවෘත කිරීමද ගුණසැමරුමට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම ස්ථානයේදී සිදුකර තිබෙනවා.

Share This