

නයිජීරියාව බියෙන් සලිත කළ බෝකෝ හරාම් නායකයා සියදිවි නසා ගෙන ?
නයිජීරියාව බියෙන් සලිත කළ බෝකෝ හරාම් ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස සැලකෙන අබුබකර් ශෙකාඕ, බෝම්බයක් පුපුරුවාගෙන සියදිවි නසාගෙන ඇති බවට වාර්තා පළවනවා.
මේ පිළිබඳව නයිජිරියානු හමුදාව සොයාබලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
තමාව ප්‍රතිවිරුද්ධ කණ්ඩායමකට හසුවෙතැයි බියෙන් අබුබකර් බෝම්බයක් පුපුරවා ගැනීමෙන් සියදිවි නසා ගත් බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් මීට පෙරද ඔහු මියගොස් ඇති බවට කිහිපවරක් වාර්තා පළ වුණා.