නවතා තිබූ බස් රථයක ට්‍රක් රථයක් ගැටෙයි – 18 දෙනෙකුට දිවි අහිමි කරමින් ඉන්දියාවේ මාරක රිය අනතුරක්

නවතා තිබූ බස් රථයක ට්‍රක් රථයක් ගැටෙයි – 18 දෙනෙකුට දිවි අහිමි කරමින් ඉන්දියාවේ මාරක රිය අනතුරක්

ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙක්ට දිවි අහිමි වී තිබෙනවා.

එමෙන්ම එම අනතුරින් තවත් පුද්ගලයින් 30 දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

බස් රථයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය සැකසීමට නවතා තිබියදී පැමිණි ට්‍රක් රථයක් බසයේ ගැටී මෙම අනතුර සිදුව තිබෙන බවයි අනාවරණය වී තිබෙන්නේ .

බස් රථයේ මගීන් ගෙන යා හැක්කේ 65 දෙනෙක් පමණක් වුවද එහි මගීන් 140 දෙනෙක් පමණ ප්‍රවාහනය කරමින් සිට ඇති බවත් විමර්ශනවල දී හෙළිවී තිබෙනවා.

 

Share This