

න්‍යෂ්ටික අවි පාලනයට ලෝක බලවතුන් එකඟවෙයි
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ස්විට්සර්ලන්තයේ ජිනිවා හිදී පැවති සාකච්ඡාවලදී න්‍යෂ්ටික අවි පාලනයට දෙපාර්ශවය එකඟතාවකට එළඹ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලෝක බලවතුන්ගේ මෙම හමුව පැය 3 ක පමණ කාලයක් පැවති අතර බිඳ වැටුනු දෙරටේ තානාපති සේවා යළි සක්‍රිය කිරීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා.
මේ අතර මෙම හමුවේදී රුසියානු අත්අඩංගුවේ පසුවන ඇමරිකාවේ හිටපු නාවික හමුදා භටයන් දෙදෙනා නිදහස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති බව සඳහන්.
ඒ අනුව දෙරටේම සිරකරුවන් හුවමාරු කරගැනීම සඳහායි දෙරටේ නායකයින් එකඟ වී ඇත්තේ.