නිදන්ගත ඉක්කාවක් නිසා බ්‍රසීල ජනපති රෝහල් ගත කරයි

නිදන්ගත ඉක්කාවක් නිසා බ්‍රසීල ජනපති රෝහල් ගත කරයි

දින 10 ක් අඛණ්ඩව ඉක්කා වැටීම හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනා රෝහල් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බොල්සොනාරෝ කියා සිටින්නේ තමා ඉක්මනින් ආපසු එන බවත් දෙවියන්ගේ කැමැත්ත බවත්ය.

2018 වසරේ දී ජනාධිපතිවරණ රැළියක් අතරතුර දී ජනාධිපතිවරයා හට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියකින් ඇණ තිබුණා. එහිදී ඔහුගේ තත්ත්වය බරපතළව තිබූ අතර ඔහුගේ ශරීරයේ රුධිර මට්ටමෙන් 40%ක ප්‍රමාණයක් අහිමිව තිබුණු බවද සඳහන්.

මෙම නොවතින ඉක්කා තත්ත්වයද පිහි ඇනුම් නිසා හටත් පසු රෝගී තත්ත්වයක් මත ඇතිවූවාද යන්න පිළිබඳවත් මතයන් පළවෙමින් තිබෙනවා.

මතභේදාත්මක ජනාධිපති ධුරයක වසර දෙකහමාරකට පසු බොල්සොනාරෝ මහතා කෝවිඩ් -19 වසංගතය හැසිරවීම සම්බන්ධයෙන් දැඩි පීඩනයකට ලක්ව සිටින බවත් වාර්තා වෙනවා.

එන්නත මිලදී ගැනීම සම්බන්ධ දූෂණ චෝදනාවලට විරෝධය දැක්වීම සඳහා මේ මස ආරම්භයේදී දස දහස් සංඛ්‍යාත ජනතාවක් වීදි බැස සිටියා.

Share This