නිරෝධායනයේ සිට මංගල උත්සවයට ගිහින් – මනාල යුවළ ඇතුළු පිරිසකට කොවිඩ්

නිරෝධායනයේ සිට මංගල උත්සවයට ගිහින් – මනාල යුවළ ඇතුළු පිරිසකට කොවිඩ්

රාජගිරිය ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල උත්සවයක් සඳහා පැමිණි අයෙකු නිරෝධායනය වෙමින් සිටිය දී මංගල උත්සවයට පැමිණ ඇති බව නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා වී තිබෙනවා.

මෙම සිද්ධිය සැලවීමෙන් පසු මනාල යුවළ හා මවුපියන් දෙදෙනා සිදුකරන ලද P.C.R. පරීක්‍ෂණයෙන් ඔවුන් ආසාදිතයන් වී ඇති බව හෙළිව ඇතැයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

මංගල උත්සවයට පැමිණ තවත් පහළොස් දෙනෙක්ද ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම නිසා නිවෙස් තුළ නිරෝධායනය වීමට උපදෙස් ලබා දී තිබෙනවා.

Share This