

පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවූ තරුණයෙකුට අත්වූ ඉරණම
අබිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් 18 වැනිදා රාත්‍රියේ ඔහුගේ නිවසේ කාමරයක එල්ලෙමින් තිබියදී හමුවූ බව එගොඩ උයන පොලිසිය සඳහන් කරනවා
මෙම තරුණයා පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවුවෙකු බවත් ඔහු තුළ ක්ෂණික කෝපය සහ කලහකාරී ලෙස හැසිරෙන තත්ත්වයක් පැවති බවට මුලික විමර්ශනවලදී හෙළිවී තිබෙන බවත් පොලිසිය පවසනවා
නිවැසියන්ගෙන් ලද තොරතුරුවලට අනුව මියගිය තරුණයා සමාජ ජාලයෙන් හමුවූ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ තරුණියක සමග ප්‍රේම සබඳතාවයක් ද පවත්වා තිබෙනඅතර මෘත දේහය PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි