පළාත් සංචරණ සීමා ගැන යළි පැහැදිලි කිරීමක්

පළාත් සංචරණ සීමා ගැන යළි පැහැදිලි කිරීමක්

විවාහ උත්සහ සහ අවමංගල්‍ය කටයුතු සඳහා පළාත් මායිම් උල්ලංඝනය කරමින් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

කෙසේ වුවද ළඟම ඥාතියෙකුගේ අවමංගල්‍ය කටයුත්තක් සඳහා පමණක් අදාළ ලේඛන මඟින් තහවුරු කිරීමකින් පසුව යම් පළාත් අතර සංචරණය ලිහිල් කිරීමක් සිදුකරන බවයි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

විවාහ මංගල අවස්ථාවක දී මනාල යුවළ පළාත් දෙකක සිටීනම් පමණක් එක් පාර්ශවයකට අනෙක් පළාතට ගමන් කිරීමේ හැකියාව ලැබෙන අතර මනාල යුවළගේ දෙමව්පියන්ට ද ගමන් කිරීමේ හැකියාවක් හිමිවනවා.

ඊට අමතරව වෙනත් කිසිදු අයෙකුට පළාත් හරහා ගමන් කිරීමේ අවස්ථාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

Share This