ප්‍රංශ ජනාධිපතිට කනේ පහරක්

ප්‍රංශ ජනාධිපතිට කනේ පහරක්

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් දකුණු ප්‍රංශයේ පාගමනක යෙදී සිටියදී අසල සිටි පුද්ගලයෙකු කනේ පහරක් එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් මැදිහත් වී ජනාධිපතිවරයාව එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Share This