ප්‍රදේශ කිහිපයක ජල සැපයුම පැය 24කට නවතී

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම පැය 24කට නවතී

හැඳල පාලම හරහා ජල නල එළීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (03) පෙරවරු 10 සිට හෙට (04) පෙරවරු 10 දක්වා අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාවහන මණ්ඩලය නිවේදනය කළා.

වත්තල මීගමුව පාරේ කොටසක්, මාබෝල ප්‍රදේශයේ කොටසක්,වැලිකඩමුල්ල,හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලු අතුරු මාර්ග,අල්විස් ටවුම,මරදාන පාර,පුවක්වත්ත පාර,ගලගහදුව සහ කෙරවලපිටිය ප්‍රදේශයේ කොටසකට පැය 24ක කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන හා ජලාවහන මණ්ඩලය සඳහන් කළේ.

 

Share This