

ප්‍රබල භූමිකම්පාවක් – ඇලස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක් (VIDEO)
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයේ මූලික දත්ත වලට අනුව ඇලස්කාවේ වෙරළ තීරයේ රික්ටර් මාපක 8.2 ක භූමිකම්පාවක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇලස්කාවේ පෙරීවිල් සිට ගිනිකොන දෙසින් සැතපුම් 56 ක් (කිලෝමීටර් 91) පමණ දුරකින් සිදුව ඇති මෙම කම්පන තත්ත්වය ඉතා ප්‍රබල භූමිකම්පාවක් බවයි වාර්තාවන්නේ.
ඇලස්කාවට 1964 මාර්තු මාසයේදී රිච්ටර් මාපක 9.2 ක භූමිකම්පාවක් සිදු වූ අතර එය උතුරු ඇමරිකාවේ වාර්තා වූ ප්‍රබලතම භූමිකම්පාවයි.
එම භූමිකම්පාව සහ සුනාමියෙන් 250 කට වැඩි පිරිසක් මිය ගියා.
BREAKING ? +++ Sirens for #tsunami alarm evacuation taking place right now after 8.2 earthquake in Alaska. Warnings issued for South Alaska, the Alaskan Peninsula and the Aleutian Islands.pic.twitter.com/BFviezby87
— igandean (@igandean) July 29, 2021