

පුද්ගලයින් 3,009 දෙනෙක් අත්අඩංගුවට ගත් මෙහෙයුම
දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 3,009 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයින් අතරට වරෙන්තුකරුවන් 645 දෙනෙක්,සැක පිට 431 දෙනෙක් ,ගිනිඅවි ළඟ තබාගත් 5 දෙනෙක් මත්ද්‍රව්‍ය සඳහා 1250 දෙනෙක් සහ බීමත් රියදුරන් 580ක් ඇතුළු පුද්ගලයින් 3,009 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
මෙම මෙහෙයුම් සඳහා පොලිස් නිලධාරීන් 14,927 දෙනෙක් එක්ව තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ