පෙර සැලසුම් කළ ප්‍රහාරයකින් එකම පවුලේ සිව් දෙනෙක් මරුට -කැනඩාවෙන් වාර්තාවන බිහිසුණු ඝාතනයක තොරතුරු

පෙර සැලසුම් කළ ප්‍රහාරයකින් එකම පවුලේ සිව් දෙනෙක් මරුට -කැනඩාවෙන් වාර්තාවන බිහිසුණු ඝාතනයක තොරතුරු

පෙර සැලසුම් කළ ප්‍රහාරයකින් එකම පවුලක සාමාජිකයින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙන බව කැනේඩියානු පොලිසිය පවසනවා

මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ ඔන්ටාරියෝ පළාතේ ලන්ඩන් නගරයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

පවුලේ එකම දිවි ගලවා ගත් නව හැවිරිදි පිරිමි ළමයෙකු බරපතල තුවාල සහිතව රෝහල් ගතව සිටිනවා .

20 හැවිරිදි කැනේඩියානු ජාතිකයෙකුට මේ සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා 4 ක් සහ මිනීමැරීමට තැත් කිරීම යන චෝදනා හතරක් යටතේ මේ වනවිටත් නඩු පවරා තිබෙන බව එරට පොලිසිය සඳහන් කර තිබෙනවා

නතානියල් වෙල්ට්මන් නැමති මෙම තැනැත්තා අපරාධ ස්ථානයෙන් කිලෝමීටර 6 ක් දුරින් පිහිටි සාප්පු මධ්‍යස්ථානයකදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින්  නිකුත් කළ ට්විටර් පණිවුඩය පහතින් දැක්වෙනවා.

Share This