

බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරිය මියයෑමේ සිද්ධියේ තවත් තොරතුරු අනාවරණය වෙයි
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි 16 හැවිරිදි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය සහ අනෙක් සැකකරුවන් දෙදෙනා ඊයේ (24) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඉදිරිපත් කර තිබෙනවා.
අනතුරුව ඔවුන් තවදුරටත් රඳවාතබාගෙන ප්‍රශ්න කරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ 30කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
ඒ අනුව එම ප්‍රකාශවල සඳහන් කරුණු සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන තැරැව්කරු හෙවත් අදාළ දැරිය මෙම නිවසට රැගෙන ආ වන ශංකර් නැමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂණ කරමින් පවතින බව පොලීසිය ප්‍රකාශ කළා.
ආගරපතන ප්‍රදේශයේ බැංකුවක එම සැකකරු විසින් ගිණුමක් පවත්වාගෙන යන බවත් එම ගිණුමට යම් ආකාරයක මුදල් බැර වී ඇති බවක් විමර්ශනවලදී හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
එමෙන්ම 16 හැවිරිදි දැරියගේ මියයෑම සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායම් අදාළ නිවසේ සිටි තවත් කාන්තාවකගේ ප්‍රකාශයක් විමර්ශන අතරතුර සටහන් කරගෙන ඇති අතර එම කාන්තාව 2015ත් 2019ත් අතර කාලයේදී දූෂණයකට ලක්වී ඇති බව අනාවරණය වී තිබෙනවා
එම සිද්ධියට අදාළව රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුවද ඊයේ දිනයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරුණා.
මෙම සියලු සැකකරුවන් හෙට (26) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.