

බන්ධනාගාර රැඳවියන්ටත් අද සිට එන්නත්
අද (05) දින සිට කොළඹ බන්ධනාගාර රැඳවියන් සඳහා කොවිඩ් 19 එන්නත ලබා දීම ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක,බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසනවා
ඒ අනුව, කොළඹ බන්ධනාගාර සංකීර්ණයේ පිහිටි වැලිකඩ, මැගසීන් සහ කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාරවල එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අනෙක් බන්ධනාගාර සඳහා ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි .