මගීන් රැගත් ‘පළමු අභ්‍යවකාශ ගමනට යන’ ඔබ කවුරුත් හඳුනන ධනවතා(VIDEO)

මගීන් රැගත් ‘පළමු අභ්‍යවකාශ ගමනට යන’ ඔබ කවුරුත් හඳුනන ධනවතා(VIDEO)

බ්ලු ඔරිජින් (Blue Origin) නම්  අභ්‍යවකාශ සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන මගීන් රැගත් පළමු අභ්‍යවකාශ ගමනට තම සහෝදරයා සමග එක්වන බව ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් පවසන බව බීබීසි වාර්තා කරනවා.

ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබමින් බෙසොස් කියා ඇත්තේ “මගේ මුළු ජීවිතය” පුරාම අභ්‍යවකාශ ගමනක යෙදීමේ අවශ්‍යතාව පැවති බවයි.

මිනිසුන් සහිත සිය මංගල අභ්‍යවකාශ චාරිකාව සඳහා බෙසොස් සහෝදරයින් සමග එක්වීමට කැමති අයෙකු වෙනුවෙන් තවත් ආසනයක් වෙන්දේසි කිරීමට ද බ්ලු ඔරිජින් සමාගම පියවර ගෙන තිබෙන බව බීබීසි වාර්තා කර තිබෙනවා.

ජෙෆ් බෙසොස් ලොව ධනවත්ම පුද්ගලයින් අතරින් කෙනෙක් වන අතර ෆෝර්බ්ස් සඟරාවට අනුව ඩොලර් බිලියන 186.2ක ශුද්ධ වත්කමක් ඔහු සතු වනවා.

Share This