

මාලදිවයින් හිටපු ජනපතිගේ ප්‍රහාරය පිටුපස ඉස්ලාමීය අන්තවාදීන්
මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ්ට හට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව අදුහම් අහමඩ් රෂීඩ් නැමැති මෙම 25 හැවිරිදි සැකකරු ඇතුළු සැකකරුවන් 03 දෙනෙකු දින 15 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් 21 වන සහ 32 වන වියේ පසුවන අයයි.
නෂීඩ් ප්‍රධාන වශයෙන් සුන්නි මුස්ලිම් ජාතිය තුළ ආගමික අන්තවාදය ගැන ප්‍රසිද්ධියේ විවේචනය කළ අයෙක් වන අතර එහිදී වෙනත් ආගම් දේශනා කිරීම හා ඒවා පිළිපැදීම නීතියෙන් තහනම් කර තිබෙනවා.
53 හැවිරිදි නෂීඩ් ගේ හිසට, පපුවට, උදරයට හා අත් පා වලට මූලික ජීවිතාරක්ෂක සැත්කම්වලින් පසුව තවමත් රෝහල්ගතව ප්‍රතිකාර කාබන අතර ඉස්ලාමීය අන්තවාදීන් මෙම ප්‍රහාරය පිටුපස සිටින බවට අනාවරණය වී තිබෙන බවයි එම මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ