

මියන්මාර දේශසීමාවේ ගැටුම්
තායිලන්ත දේශසීමාව ආසන්නයේ කරෙන් කැරළිකරුවන් සහ මියන්මාර හමුදා අතර, ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වනවා.
කැරළිකරුවන් විසින් මියන්මාර හමුදා මුරපොළක් ද යටත් කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පසුගිය පෙබරවාරි 1 වන දා මියන්මාර හමුදාව විසින් එරට පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු මෙලෙස කරෙන් කැරළිකරුවන් සමඟ ගැටුම් ඉහළ ගොස් තිබෙනවා.
මියන්මාර හමුදා රජය මෙම අභියෝගයට මුහුණ දෙන්නේ හමුදා නායක මින් අවුන්ග් හයින්, ජකර්තා නුවර පැවති ආසියාන් සමුළුවට සහභාගි වී පැමිණීමෙන් අනතුරුවයි.
එම සමුළුවේදී මියන්මාරයේ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන ලෙස ආසියාන් රාජ්‍ය නායකයන් මියන්මාර හමුදා නායකයාගෙන් ඉල්ලා සිටියා.