

මිය ගිය ඉෂාලිනි දැරිය කොළඹට රැගෙන ගිය තැරැව්කරුගේ පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදී සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි දැරිය කොළඹට රැගෙන ගිය තැරැව්කරුගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් කාන්තාවන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිම අද (27) දවස පුරා ඩයගම වතු යායේදී සිදු කර තිබෙනවා.
ප්‍රධාන පොලිස් පරික්ෂණ වරුණි බොගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ප්‍රකාශ සටහන් කරගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.