

මෙවර පළමු ඔලිම්පික් රන් පදක්කම චීනයට
මේ වන විට පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගැනීමට මීටර් 10 වායු රයිෆල් කාන්තා තරගයට සහභාගී වූ චීනයේ යැං කිආන් ඩිනා ජිනිමාටා සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම ඉසව්වේ රිදී පදක්කම රුසියාව නියෝජනය කළ ඇනෙස්ටාෂියා ගැලෂිනා සමත්ව ඇති අතර ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළේ ස්විස්ටර්ලන්තයේ නීනා ක්‍රිස්ටන් සමත්ව තිබෙනවා.
මෙම ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ටෙහානී එගොඩවෙලට මූලික වටයේදී 49වැනි ස්ථානය හිමි වුණා.