මේ මොහොතේ නිසි තීරණ නොගෙන ඉන්න සෞඛ්‍ය බලධාරීන්ට දඬුවම් දිය යුතුයි – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

මේ මොහොතේ නිසි තීරණ නොගෙන ඉන්න සෞඛ්‍ය බලධාරීන්ට දඬුවම් දිය යුතුයි – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

කොවිඩ් පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති ක්‍රමෝපාය අපැහැදිලි බවත්, නව කොවිඩ් රැල්ලක් ඇතිවුවහොත් මේ මොහොතේ නිසි තීරණ නොගන්නා නිළධාරීන්, ඊට දඩුවම් ලැබිය යුතු බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ , PCR පරීක්ෂණ සිදුකිරීම අකර්මණ්‍ය කරමින්, ප්‍රභේද පරීක්ෂණ සඳහා පහසුකම් නොදෙමින් හා රජය ප්‍රතිපාදන ලබා දී ඇති අත්‍යාවශ්‍ය උපකරණ ලබා නොදෙමින්, කොවිඩ් පාලනය කිරීමේ ක්‍රමය රටට පැහැදිලි කරන ලෙස ඔවුන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි .

ඔක්සිජන් සැපයුමට අදාලවත්, ස්ථානීය PCR පරීක්ෂණ වලට හා වෙනත් කොවිඩ් සදහා අත්‍යාවශ්‍ය යන්ත්‍ර වර්ග 20කට අධික ප්‍රමාණයක් හදිසි මිලදී ගැනුම් සදහා ජුනි මස මුල් සතිය තුළ අවසන් කළ ටෙන්ඩර සදහා නියමිත තීරණ ලබා නොදෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කල් මරමින් සිටින බවයි ඔවුන් කියා සිටින්නේ.

කොවිඩ් පාලනය සදහා අත්‍යාවශ්‍ය උපකරන වන වෙන්ටිලේටර්, බයි පැක්, හයි ෆ්ලෝර්, ඔක්සිජන් කොන්සෙන්ට්‍රේටර්ස්, ඔක්සිජන් සිලින්ඩර්ස්, රෙගුයුලේටර්ස් ඇතුළු ඔකසිජන් තෙරපි උපකරන රැසක් සහ ස්ථානීය PCR පරීක්ෂණ යන්ත්‍ර, ප්‍රභේද අනුමාන PCR ප්‍රතික්‍රියක, වැනි යන්ත්‍ර වර්ග විස්සකට අධික ප්‍රමාණයක් සදහ රජයේ ප්‍රතිපාදන ලබාදී තිබියදී, අදාල ටෙන්ඩර සදහා අවසාන තීරණය ලබා දීම මාස දෙකක පමණ කාලයක් තිස්සේ ප්‍රමාද කර ඇති බවද රවී කුමුදේශ් මහතා පවසනවා.

ඒ අනුව නිසි තීරණ නොගෙන සිටින ස්වභාවය රට නැවත කොවිඩ් රැල්ලකට තල්ලු කිරීමට හේතුවක් වෙමින් තිබෙන බවයි එම සංගමය අවධාරණය කරන්නේ.

Share This