රජය ඩොලර් බිලියනයක ණයක් ගෙවයි

රජය ඩොලර් බිලියනයක ණයක් ගෙවයි

රජයට ගෙවීමට තිබූ ඩොලර් බිලියනයක විදේශ ණය ඊයේ(26) දිනයේදී ගෙවා දැමීමට රජයට හැකියාව ලැබුණු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල් මහතා පවසනවා.

ඒ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීයි.

ඊයේ(26) දිනයේදී කල්පිරීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය (ISB) නියමිත පරිදි ගෙවීමට හැකියාව ලැබුණු බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම විදේශ ණය මුදල ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත් කියා සිටියා.

Share This