රන්දෙණිය මීදෙණිය කඳු රක්ෂිතයේ ගින්නක් – අක්කර 30කට වඩා විනාශයි

රන්දෙණිය මීදෙණිය කඳු රක්ෂිතයේ ගින්නක් – අක්කර 30කට වඩා විනාශයි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රන්දෙණිය මීදෙණිය කඳු රක්ෂිතයේ ඊයේ (29) පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

පස්වරුවේ හටගත් ගින්න රාත්‍රි වනතුරුත් රක්ෂිතය පුරා වේගයෙන් පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර 30කට වඩා විනාශ වී තිබෙනවා.

මේ දිනවල ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර ප්‍රදේශවාසින් එක්ව ගින්න පාලනය කිරීමට උත්සාහ කර තිබුණ ද එය සාර්ථක වී නැහැ.

කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැකපල කරන අතර වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබන බවයි වාර්තා වන්නේ.

Share This