රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක්

හෙට සිට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කළ යුතු බව, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය පවසන්නේ, ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බවයි.

එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ රාජ්‍ය නිලධාරින් බහුතරයක් එන්නත්කරණයට ලක් කර ඇති බැවින්, රජයේ කාර්යන් බිඳ වැටීමකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රමුඛතාවය දිය යුතු බවට ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ උපදෙස් අනුව මෙම චක්‍ර‍ලේඛය නිකුත් කළ බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළා.

නව චක්‍රලේඛය මගින් ‍මීට පෙර නිකුත් කර ඇති, සීමිත කාර්ය මණ්ඩලයක් චක්‍රීය පදනම මත කැදවමින් සහ නිවෙස්වල සිටිමින් රාජකාරි කිරිමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු වනවා

ඒ අනුව රාජ්‍ය සේවයේ රැකියාවේ නියුතු ගර්භනී මව්වරුන් ද හෙට සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතුයි.

Share This