ගමන්ගත් රිය ප්‍රපාතයකට පෙරළී හයසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි (VIDEO)

ගමන්ගත් රිය ප්‍රපාතයකට පෙරළී හයසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි (VIDEO)

හදිසි රිය අනතුරක් හේතුවෙන් ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (31) උදෑසන ස්වර්ණවාහිනි පත්තරේදී මේ පුවත අනාවරණය කෙරුණා.

අද අලුයම 01.00ට පමණ සිදු වූ රිය අනතුරකින් ඇය මියගොස් ඇති බවයි එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා නුවරඑළිය ප්‍රදේශයට ගොස් නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඇය ගමන් ගත් වෑන් රථය නුවරඑළිය – තලවකැලේ මාර්ගයේ ළිඳුල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

මියයන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75 වන වියේ පසුවුණා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු ළිඳුල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

Share This