රිෂාඩ්ගේ නිවසේ සේවකයෙක්ගේ දුරකථනයක් රහස් පොලිසියට

රිෂාඩ්ගේ නිවසේ සේවකයෙක්ගේ දුරකථනයක් රහස් පොලිසියට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරකමට යොදවා සිටි අවුරුදු 16ක දැරියක් පිළිස්සී මිය යෑම පිළිබඳව බොරැල්ල පොලීසියට අමතරව කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය හා කොළඹ දකුණු ළමා හා කාන්තා කාර්යාංශය ද විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ (20) දිනයේදී දැරිය ඉගෙනගත්  අවිස්සාවේල්ල  පුවක්පිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගෙන් හා නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටි පිරිමි සේවකයෙකුගේ දුරකථනය පොලීිසිය භාරයට ගෙන ඇති අතර එහි දත්ත මකා දමා තිබේදැයි යන්න සෙවීම සඳහා අදාළ දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

දැරිය කෘරත්වයකට භාජනය වී ඇත්දැයි යන්න පිළිබඳව විමර්ශනය කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

Share This