

රුක්මලේ ධම්මකිත්ති නාහිමිපාණන් වහන්සේ අපවත් වූ බව සංවේගයෙන් දැනුම් දෙන වගයි
අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාර ගණයෙහි විහාරාධිපති, කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහෝපාධ්‍යය ,ධම්මදීප ද්වි භාෂා පිරිවෙනෙහි පිරිවෙන් අධ්‍යක්ෂ ,කොළඹ නව තොටමුණේ සහ නව කෝරලේ ප්‍රධාන සංඝ නායක, මංගල ධර්ම කිර්ති ශ්‍රී ප්‍රවිණාචාර්ය අතිපූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති නාහිමිපාණන් වහන්සේ ඊයේ (03) දින අපවත් වුණා
කොවිඩ් 19 ආසාදනය වීමෙන් උන්වහන්සේ අපවත් වූ බවයි වාර්තා වන්නේ
අද (04) දහවල් 02ට දේහය නොමැතිව උන්වහන්සේගේ ජායාරූපයක් පමණක් යොදා ගනිමින් පාංශුකූල කටයුතු ගල්පොත්ත පාර ධම්ම විජිතාශ්‍රමයේ විහාරස්ථානයේදී ආදාහන පුජෝත්සවය සිදු කරන බවයි මහබුලන්කුලමේ ගුණරත්න ස්වාමින් වහන්සේ liveat8.lk වෙබ් අඩවිය වෙත සඳහන් කරනු ලැබුවේ
පාංශුකූල කටයුතු සිදු කරන අවස්ථාවේදී උන්වහන්සේගේ දේහය නිරෝධායන නීති වලට අනුකුලව ආදාහනාගාරය වෙත වඩම්මවා අවසන් කටයුතු සිදු කරනු ලබනවා
උන්වහන්සේට නිවන් සුව ලැබේවා.