රුපියල් පන්සියයේ දහසේ සහ පන්දහසේ නෝට්ටු ගැන සැළකිලිමත් වන්න

රුපියල් පන්සියයේ දහසේ සහ පන්දහසේ නෝට්ටු ගැන සැළකිලිමත් වන්න

රුපියල්  පන්සියයේ  ව්‍යාජ නෝට්ටු 17ක් ළඟ තබාගෙන සිටි කාන්තාවක් මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව සතුව ව්‍යාජ මුදල් නෝට්ටු ඇති බවට ලැබුණු තොරතුරක් අනුව විශේෂ කාර්ය බළකායේ මුලතිව් කඳවුරේ භට කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා.

රුපියල් පන්සියය දහස සහ පන්දහසේ ව්‍යාජ නෝට්ටු සමාජයේ දක්නට ලැබෙන නිසා මුදල් නෝට්ටුවල ඇති දිය සළකුණ හෝ කළු පැහැති දාරය පිළිබඳව සැළකිලිමත් විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Share This