රුසියානු ජනාධිපති කොවිඩ් එන්නත ලබාගැනීමට සැරසෙයි  

රුසියානු ජනාධිපති කොවිඩ් එන්නත ලබාගැනීමට සැරසෙයි  

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අද දිනයේ  රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොවිඩ් එන්නත ලබා ගැනීමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්ටුට්නික් එන්නතෙහි ඵලදායිතාවය පිළිබඳව රුසියාව සහතික කර තිබුණත් බටහිර රටවල් රැසක් තවමත් එය භාවිතය සඳහා අනුමත කර නැහැ.

මේ අතර කොවිඩ් වෛරසයේ ආරම්භය සනිටුහන් වුණු චීනය තුළ මේ වනවිට කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත් මාත්‍රා මිලියන 75කට අධික ප්‍රමාණයක් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ වනවිට ලොව රටවල් රැසකටම චීනය විසින් එරට නිෂ්පාදිත එන්නත් බෙදාහැරීම ද සිදුකරනු ලබන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි මිලකට එන්නත් ලබාදීම මෙන්ම ආධාර වශයෙන් එන්නත් ලබාදීම ද චීනය මේ වනවිට සිදුකරනු ලබනවා.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් නැවතත් සායනික පරීක්‍ෂණ සිදුකර ඇති අතර, එහිදි එන්නත 79%ක ඵලදායිතාවක් පෙන්නුම් කර ඇති බව සහ රුධිර කැටි ගැසීමේ අවධානමක් නොමැති බවයි එම සමාගම ප්‍රකාශකර තිබෙන්නේ

Share This